Sunday, June 6, 2010
රාවණ අවතාරයේ කතාව කියවූ,තම අදහස් පල කළ සියළු දෙනාට මගේ ප්‍රණාමය.
පිටස්තරයා සහ ඉන්දරේ පෙන්වා දුන් කරුණ ඉතා වැදගත් යයි මටද දැන් සිතේ.
'සිහලුනේ ...මාගේ දරුවනේ....'
ඔබට ඇති වූ ගැටලුව නම් රාවණාගේ යුගයේ නොවූ සිහලුන් ගැන තම දරුවන් ලෙස රාවණ අවතාරය විසින් හදුන්වා තිබීම බව සිතමි.ඔබ එම කතාව සම්පූර්ණයෙන් කියවූවා නම් පහත කොටස වෙත ඔබේ අවධානය නැවත යොමු කරනු කැමැත්තෙමි.
මාගෙන් පැවත එන මාගේ දරුවන් හින්දු දේසයෙන් පැමිනි විජයගෙන් පැවත එන බව කියනු අසමින් බලා සිටියෙමි.උතුම් වූ බුදු දහම පවතින රටේ බුදුන්ගේ අනුසාසනා නොසලකමින් කියන්නා කෙසේ කීවත් බුද්ධියෙන් නොවිමසා එයම පිලිගෙනීමට තරම් බුද්ධි හීන වූ මාගේ දරුවන් දෙස සෝකයෙන් බලා සිටියෙමි.
එහි මා වක්‍රෝත්තියෙන් පැවසූයේ අද සිංහල ලෙස හදුන්වන ජන කොටස සැබැ ලෙසම පැවත එනුයේ විජයගෙන් නොව රාවණාගෙන් බවය.එලෙස වූ කල වත්මනේ සිංහල ලෙස හදුන්වන ජන කොටසට තම දරුවන් ලෙස ඇමතීමට අයිතියක් තිබේ යයි මාගෙ විස්වාසයි.මා දක්වා ඇත්තේ සිහලුන් යයි අද හදුන්වන අප සැබවින් පැවත එන්නේ විජයගෙන් නොව රාවණගෙන් බවයි.විජය යක්ස ගෝත්‍රිකයින් සියල්ල සමූල ඝාතනය කළ බව පිළිගත නොහැක.මහා සය කියන ලෙසට එය සිදු කර ඇත්තේ උත්සව අවස්තාවකදී එසේ කල බවයි.නමුත් මුලු රට පුරා විසිරී සිටින සියලු දෙනා උතිසව අවස්තාවකට සහබාගී වීම සහ සියලු දෙනා ඝාතනය කිරීම එතරම් පිලිගැනීමට නොහැක්කක් ලෙස මම දකිමි.
මහා වංසය සදහන් කරන සියල්ල එලෙසම සත්‍යයයි විස්වාස කරන්නේ නම් විචාරසීලී බුද්ධියක් තිබීම අනවස්‍ය බව මගේ හැගීමයි.එබැවින් මේ සත්‍යයි අපට පෙන්වන දේ පමණක් නොදකින ඔබ අප වැන්නවුන්ගේ කිසි වැදගත්කමක් නැතිව යනු ඇත.
මාගේ පැහැදිලි කිරීමේ වරදක් හෝ අඩුපාඩුවක් දකීනම් ඔබගේ අදහස් ඉතා වැදගත් කොට සලකමි.
නැවතත් ඔබට මාගේ ස්තුතිය.