Showing posts with label බ්ලොග්. Show all posts
Showing posts with label බ්ලොග්. Show all posts

ඉස්තු.........තිය

Wednesday, June 2, 2010



මාව බ්ලොගලයිස් කරපු මනුස්පයට ඉස්තුති කරන්නයි මේක ලියන්නෙ.
ඒ තමයි සෝලෝ මලය.මේ යකා මහ පුදුම මනුස්පයෙක්නෙ.මේ තරම් කාලයක් මාව අදුනගෙන හිටියත් බ්ලොග් ලියන්න පුරුදු කලේ මේ දවස් කීපයකට කලින්නෙ.ඉරිසියාවක මහත.මමත් ආසාවෙන් හිටියෙ කාලෙක ඉදන් මගෙ අදහස් කාටහරි කියන්න.හරිහමන් කෙරේමයක් දන්නේ නෙතිව හිටියෙ. 
මේ මනුස්පය කරපු අපරාදයක මහත බලමුකො.කොහොමහරි අසරන මාවත් මේ උගුලට අහු කලානෙ ඉදල ඉදල.හරියකට අකුරු ටික ලියාගන්නවත් මම දන්නෙ නේ.(ඇදය දාන්නෙ කොහොමද කියලවත් දන්නෙ නේනෙ.)
මට බලෙන්ම වගේ බ්ලොග් ලියන්න කියල මූලික දේවල් කියල දීල,එකවුන්ට් එකක්ද මොකක්ද්දත් හදල දීල කරපු හදියක මහත තමා මේ මම විදවන්නෙ.මෙතරම් කරලත් තවම මගෙ ලියපු දෙයක් සිංහල බ්ලොග් කරුවන්ගෙ එකතුවට දාගන්න නොහෙකි උනානෙ.
අලුත් මතවාදද මොකක්ද බිහි කරන්න ඕනෙයි කියලනෙ මිනිහ කට්ටියව මේ උගුලට අහු කරන්නෙ.නිදහස් අදහස් උදහස් නොවී පලකරන්න පුලුවන් මෙතන විතරලු.මමනම් ඕව දන්නෙ නේ.සෝලෝ මලය තමා ඕව මට කියල දුන්නෙ.
මටත් ඉතින් කියාගන්න බෙරි දේවල් ගොඩක් තිබෙන බව මමදන්නව.ඒව එලියට දාන්න ගත්තාම කට්ටිය මොනව කියය්ද කියල බලමුකො.පුලුවන්නම් වාද කරන්න උනත් පුලුවන්.කාගෙ කාගෙත් අදහස් පල කරන්නත් ඉඩ තියෙනව.
මොනව උනත් මේ උගුලට මාව අහු කරපු මනුස්සයටනම් හොදක්නම් නොවෙන්නම එපා.

 
believer - by Templates para novo blogger