රාජ්ය විනිවිදභාවය තුලින් මුදල් ඉපයීම.

Tuesday, June 22, 2010

සිරි ලංකාවේ රාජ්ය පාලනය පිලිබද විවේචනය කිරීම මෙම සටහනේ පරමාර්තය නොවුවද වත්මන් ලංකාවේ දේසපාලනය නොමැති ක්ෂේත්‍රයක් සොයා ගැනීම පවා අපහසු යුගයක කුමක් ගැන කතා කලත් දේසපාලනය යන මාතෘකාවට කුමන අංසයකින් හෝ සබැදීයාවක් එහි දක්නට ලැබේ.
මා අද කතා කරනුයේ ලංකාවේ ‍රැකියා ලබාදීමේ ප්‍රතිපත්තියක් පිලිබදවයි.එය අන් කවරකුත් නොව,දේසපාලනයයි.
අද ලංකාවේ ‍රැකියාවක්,විසේසයෙන්ම රජයේ ‍රැකියාවක් ලබා ගැනීමේ එකම සහ ප්‍රබලම සුදුසුකම වන්නේ දෙස්පාලුවන්ගෙන් ප්‍රබල උදවිය සමග ඇති දැඩි සබදතාවයි.
එයින්ද,වැඩිම ප්‍රතිපල ලබා ගත හැක්කේ රටේ දේසපාලන ධූරාවලියේ ඉහල ට යන්නට යන්නටය.එසේම දැන හැදුනුම්කම වැඩි වන්නට වන්නටය.
අද මෙරට රාජ්ය සේවයට පුද්ගලයින් බදව ගනුයේ දෙසපාලන බලපුලුවන්කාරකම් මත බව ප්‍රසිද්ධ රහසකි.නමුත් රටේ වගකිවයුත්තන් සහ බොහෝ උගතුන්ද මේ පිලිබදව නොදැනීම පුදුමයට කරුණකි.ඔවුන්ට අනුව ලංකාදීපයේ රාජ්ය සේවයට බදවා ගැනීම සිදුවන්නේ ප්‍රසිද්ධ ඉන්ටවේවි මගින් සහ විභාගවලින් පමණකි.
මේ තුලින් රාජ්යක පැවතිය යුතු විනිවිද බව උපරිමයෙන්ම ‍රැකෙන බව එවුන් පෙන්වා දෙයි.
නමුත් සත්යය නම් මෙය එක ගලකින් කුරුල්ලන් තුනක් හතරක් බාවා ගැනීමකි.

1.දෙස්පාලුවන්ට තමන්ට හොදටම කඩේ ගිය අයගේ වදයෙන් බේරීමට සහ ඔවුන්ගේ සිත් පහන් කිරීමට හොද අවස්තාවක් වීම.(තම තරහකාරයෙක් හෝ තමා ඉරිසියා කරන්නෙක් ‍රැකියාවකට යාමට උත්සාහ කරන විට ඒ නම කපා දමා නින්දිත සතුටක් භුක්ති විදීමට තම චක් ගෝලයින්ට අවස්තාව ලබා දීමද මෙයට ඇතුලත්ය.)

2.ඉන්ටවේවි සහ විභාග මගින් ‍රැකියා දෙන බවට ඒත්තු ගන්වමින් රජයේ විනිවිදබාවය ‍රැක ගැනීම.

3.විභාග ගාස්තු සහ තැපැල් ගාස්තු ලෙස අති විසාල මුදල් ප්‍රමාණයක් රජය උපයා ගැනීම.

මෙසේ මිටි ගණනින් දමන අයදුම් පත්වලින් ඇති ප්‍රයෝජනයක් නැති බව වැටහෙන විට අයදුම්කරු ප්‍රමාද වැඩිය.
මා හොදින්ම දන්නා පරිදි රජයේ සැම ‍රැකියාවකටම පාහේ පුද්ගලයින් තේරීමෙදී එම ‍රැකියා අවස්තාවන් ගැස්ට් පත්‍රයේ හෝ පුවත්පතේ පල කරනුයේ පවා එම ඇබැර්තු වලට දෙස්පාලුවන්ගේ හිතවතුන් බදවා ගැනීම ස්තිර කල පසුවය.
වත්මන් ලංකාවේ නියම ආකාරයට ඉන්ටවීව් මගින් හෝ විභාගයක් මගින් අයෙක් ‍රැකියාවකට ‍තෝරා ඇත්නම් එය ඉතාමත් දුර්ලභ දෙයක් වන බව පෙනෙන්නට ඇති කරුණකි.

කෙසේ වෙතත් දෙස්පාලුවන්ටනම් මෙය තම බොරු සුදන බව පෙන්වීමටත්,රජයට තම විනිවිද බව ‍රැකගැනීමටත් හොදම මගක් වුවත්,ඇබැර්තුවක් දු‍ටු ගමන් ඒ සියල්ලට අයදුම්පත් යවන,විභාග ගාස්තු ගෙවමින් වියදම් දරමින් ගොස් විබාග ලියන ‍රැකියා විරහිත අපටනම් මිරිගුවක් යයි දැන දැන බැරිවීමකින් හෝ ඇත්ත උනහොත් අපරාදේ  යයි සිතින් බලේට සිතා ගනිමින් පසුපස යන මිරිගුවක්මය.

2 comments:

dinesh said...

මටනම් හිතා ගන්න බෑ ඇයි අපේ අය රජයේ ජොබ් ම හොයන්නෙ කියල.පුද්ගලික අංශයෙත් ඕනෙ තරම් ‍රැකියා තියනවනෙ.රජයේ ‍රැකියා වලට ඉල්ලුම්පත් දම දමා නාකි වෙනවට වැඩිය හොඳ නැද්ද ඉක්මනටම පුද්ගලික අංශයේ හරි ජොබ් එකක් හොයා ගන්න එක.අනික ඔය රජයේ ‍රැකියා කරණ කට්ටිය මට හිතෙන විදියටනම් රටට බරක්.

පිටස්තරයා-2 said...

ඔයාගේ මුල් ලිපිවලට අදාල වෑදගත් ලිපියක්. http://maiyyagelokaya.blogspot.com/2010/07/o-2.හ්ට්ම්ල්
වෙලාව ලෑබුණාම කියවනවා නම් සතුටුයි. :)

Post a Comment

 
believer - by Templates para novo blogger