එම්බල....මම වෙමි රාවණ ( ඉතිහාසයේ ලොකුම මඩ ගැසීම)

Saturday, June 5, 2010

මම ලංකාපුරයේ රාවණ නම් රජුගේ අවතාරය වෙමි.මෙතෙක් කල් මා හට පිටදේසක්කාරයින් පමණක් නොව මාගෙන්ම පැවත එන්නා වූ ලංකාපුරයේ මාගේ දරුවන් ද අපහාස කරන ආකාරය බලා සිටියෙමි.දරුවන්ගේ නොමනා ක්‍රියාවන් නිසා දෙමව්පියන්ට ඇතිවන දුක දරාගෙන මම බලා සිටියෙමි.පිටදෙසුවන්ගේ බසට විචාරයෙන් තොරව හිස නමන,උන් සමග එක් වී මගේ චරිතය ඝාතනය කරන මාගේම දරුවන් දෙස අනුකම්පාවෙන් බලා සිටියෙමි.
මාගෙන් පැවත එන මාගේ දරුවන් හින්දු දේසයෙන් පැමිනි විජයගෙන් පැවත එන බව කියනු අසමින් බලා සිටියෙමි.උතුම් වූ බුදු දහම පවතින රටේ බුදුන්ගේ අනුසාසනා නොසලකමින් කියන්නා කෙසේ කීවත් බුද්ධියෙන් නොවිමසා එයම පිලිගෙනීමට තරම් බුද්ධි හීන වූ මාගේ දරුවන් දෙස සෝකයෙන් බලා සිටියෙමි.
නමුත්............. සත්‍ය පෙන්වා දීමට කාලය එලබ තිබේ.මාගේ බසට කන්දෙව.බුද්ධියෙන් විමසා සත්‍ය පසක් කර ගනුව.මෙතැන් සිට නුබලාගෙ දැනගැනීම පිණිස මගේ කතාව පවසමි.


රාවණ නම් වූ මා ලංකාපුරයේ රජ වූ දින පටන් මාගේ රාජ්‍යය පුලුල් කර ගනිමින් අසල්වැසි රටවලද බලය පතුරවමින් මුලු ලොවින් විසාල ප්‍රමාණයක් මා සතු කර ගැනීමට මා හට හැකිවූයේ මා විසින් පුහුනු කළ යන්ත්‍ර මන්ත්‍ර සාස්ත්‍රය මෙන්ම දුෂ්කර ව්‍රත වලින් මා ලබා ගත් අපරිමිත බලයේද උපකාරය නිසාවෙනි.එම බලය ගැන නුබලා දන්නේ ස්වල්පයක් වුවත් එය ප්‍රමාණවත්ය.මා තරුණ කල පුෂ්පක විමාණයේ නැගී මාගේ යටත් රාජ්‍යයන් බැලීමට යන ගමනකදී හින්දු දේසයේ සිටි අති සුන්දර තරුණ ළදක් දුටිමි.ඇය දු‍ටු ගමන් මා හට ඇය පිළිබද බලවත් සෙනෙහසක් ඉපදිණි.මා ඇය වෙත ගොස් මා කව්දැයි හදුන්වා දී ඇය පිලිබද තොරතුරු විමසූ කල ඇයද එරට රජුගේ දියණිය වන සීතා බව දැන ගත්තෙමි.මෙලෙස කලක් පුරාවට අප දෙදෙනා හමු වූ අතර මාගේ ආලය ඇයට පල කල කල්හි ඇයද මා හට ආලය කරන බව දැනගත් මා ඇය ආවාහ කර ගැනීමට ඇගේ දෙමාපිය අවසර ගැනීමට යාමට සූදානම් වූයෙමි.නමුත් ඇය පැවසුවේ මා සිත සසල කල කතාවකි.මාගේ බල පරාක්‍රමය ගැන ඉරිසියාවෙන් පසුවන ඇයගේ පියරජු ඇයව මා හට පාවා දීමට කිසිසේත් කැමති නොවන බව දැනගන්නට ලැබිණි.මා යක්ෂ ගෝත්‍රිකයෙකු වීමද මෙයට හේතුවක් විය,
මෙය මාගේ ගර්වයට සිදු වූ බරපතල අවමානයක් ලෙස මට පෙනිනි.මාගේ ප්‍රියාවියගේ වැලැක්වීමද නොතකා ඇගේ පිය රජු වෙත ගොස් මා ඇය අත ගැනීමට කැමති බව ප්‍රකාස කලෙමි.නමුත් ඇයව දැනටමත් වෙනත් රජ කුමරුවකට තීන්දු කර ඇති බව ඇසූ මාගේ රුධිරය කෝප වුවත් ඉවසීමෙන් සිට සීතාවගෙන් මේ ගැන විමසූ කල ඇය මේ පිලිබද කිසිවක් නොදන්න බව දැන ගතිමි.ඇය මා හට ආලය කරන බැවින් ඇයට මා හා ලංකා පුරයට යාමට කතා කලද තම දෙමව්පියන්ට එරෙහිව යා නොහැකි බව පැවසූ නිසා ඇයට ඇති ආලය නිසාම ඇයගේ තීරණයට බධා නොකර මහත් දුකකින් මාගේ රාජ්‍ය වෙත පිටත් වූයෙමි.සීතාවද මහත් දුකින් කල් ගත කරන බව දැනගත් මා හින්දු දේසය සුනු විසුනු කර දමා හේ ඇය ‍රැගෙන ඒමට සූදානම් වුවත් මාගේ ප්‍රියාවියගේ ආයාචනය නිසාවෙන් එයද මනසින් බැහැර කලෙමි.


කෙසේ වුවත් කාලයත් සමග සීතාවට සිදුවූයේ තම දෙමව්පිය අභිමතයට හිස නමා රාම කුමරු හා විවාහ වීමටයි.


කාලය ගෙවී ගියේ මා සිත තනිකමෙන් පෙලමින් වුවත් සීතාවන් පිළිබද ආලය මා සිත පුරාවටම ‍රැදී තිබුනේ එය මා සිතේ ඇති වූ සත්‍ය ප්‍රේමය නිසාවෙනි.සීතාව ද විවාහයෙන් පසු නියම බිරිදක මෙන් තම ස්වාමියාට යුතුකම් ඉ‍ටු කරමින් සිටියද ඇය මාහා තිබූ පෙම් සබදතාවය ගැන දැන සිටි රාමා සහ ඔහුගේ නැදැයින්ගෙන් ඇයට යම් යම් තරව‍ටු සහ සිත් රිදවීම් සිදුවන බව මම දැන ගත්තෙමි.


 මෙය මා හට වාවන්නැතිව ගියේ මා ඇයගේ සතුට වෙනුවෙන් කල කැප කිරීමේ ප්‍රතිපල නොමැති බව හැගීමෙනි.මේ  ආසන්න කාලයකම මාගේ සුපර්නිකා නැගනියට රාම සහ ඔහුගේ සොහොයුරා අඩන්තේට්ටම් කර තිබුනේ මා සමග ඇති තරහටමය.එම තරහට හේතු නුබලාට වැටහෙනු ඇතැයි සිතමි.මෙය මාගේ ඉවසීම නිවට කමකැයි ඔවුන් වටහාගෙන සිටීමකි.එබැවින් මා සීතා හමුවට ගොස් ඇයගේ දුක්ඛිත ජීවිතයෙන් ඇයව මුදවා මාගේ රාජ්‍යයට ‍රැගෙනයාමට ඇගේ කැමැත්ත විමසූ කල ඇය එයට කැමති වූයේ රාම ඇතුලු පිරිස ඇය හට නිරපරාදේ කළ අපහාස,අස්ථාන චෝදනා ඉවසනු බැරි තැනමය.රාමා ඇතුලු පරපුරම සුනු විසුනු කිරීමට මා සූදානම් වුවද එවරද සීතාවගේ ඇවිටිල්ල නිසාම එය අතහැර දැමුවෙමි.


ඇයගේ කැමැත්ත මත ‍රැගෙන ආ ඇයට සියලු සැප සම්පත් ලබා දුන්නද,ඇය මාගේ පෙර පෙම්වතිය වූවද,ඇය තවමත් රාමාගේ බිරිද නිසා මා ඇයව ස්පර්ස කිරීමවත් නොකලෙමි.එය මාගේ දුර්වලකමක්වත්,වෙන අයකුගේ සාපයක්වත් නිසා නොව.වෙනකෙකුගේ බිරිදක් ස්පර්ස කිරීම පවා මාගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවිනි.


රාමා ඇතුලු සත්ව හමුදාවක් මාහා සටන් වැදීමට පැමිණි බව නුබලා දනී.ඔවුන් විනාස කර දැමීම මාහට එතරම් කාරියක් නොවුනත් මා සිහිනෙන්වත් නොසිතූ දෙයක් සිදු විය.එනම් මාගේම සොහොයුරු විභීෂණ මාගේ රාජ්‍ය ලබා ගැනීමට ආසාවෙන් සිට තිබීමයි.මෙය මා හට වැටහෙන විට බොහෝ ප්‍රමාද වී තිබිණි.සටනේදී මාගේම සොයුරා මා පාවා දෙමින් සියලු යුධ රහස් එලි කරමින් මාගේ සේනාව විනාසයට පමුනුවන ලදී.අවසානයේ මා රවටා රාම ඇතුලු පිරිසට මා පාවා දීම නිසා මාගේ මරණය සිදු විය.


මා මියෙන්නට පෙර සීතාවගෙන් මා පොරොන්දුවක් ලබ ගතිමි.එනම් ඇය මා සමග ලංකාපුරයට පැමිණියේ ඇගේ කිසිම කැමැත්තකින් නොවන බව සියල්ලන්ට පවසන ලෙසත් මා ඇයව පැහැරගෙන ආ බව කියන ලෙසත්ය.
මා එසේ නොකලේ නම් අද ලෝ වාසීන් ඇයට පතිවත ‍රැකි පරම ගැහැණියක් ලෙස නොසලකනු ඇත.රාමාගෙන් ඇයට පෙරට වඩා දුක් ගැහට ලැබෙනු ඇත.සීතා නම් චරිතය පිරිසිදු බවේ පරම සංකේතය ලෙස නොසලකනු ඇත.නමුත් මා දිවි හිමියෙන් පෙම් කල ඒ කාන්තාවට දුකක් අපහාසයක් පැමිණෙනු දැකීම මාගේ මරණින් පසුවවත් මා නොරුස්සන්නකි.මන්ද සැබැ ආලය නම් අනෙකාගේ සැපත,සතුට,යහපත වෙනුවෙන් හැකි සැම දෙයම කැප කිරීම වන බැවිනි.මම ඇයට හදවතින්ම ආලය කල බැවිනි.


මාගෙන් පසු ලංකා රාජ්‍යය බාරගත් මා සොයුරු තම වර්ගයාට එරෙහිව යන පරගැති ගමන ලොවට හදුන්වා දුනි.එතැන් පටන් ඔවුන් හා එක්ව මාගේ ජනයාම මා හට එරෙහිව මෙහයවන්නට විණි.එහි ප්‍රතිපල ලෙස වාල්මිකී නම් Indian වන්දිබට්ටයා විසින් රචිත රාමායණය නම් අසත්‍ය කාව්‍ය මගින් ඔවුන්ගේ නිර්ලජ්ජී බව වසා ගන්නට සාර්ථක උත්සාහයක් ගෙන තිබේ.එදා මාගේ සොයුරා ඇරබූ දීන ගතිය හිස මුදුනින් පිලි ගෙන සිටින වත්මන් ලංකාපුර වාසීන්ද මා දුෂ්ටයකු ලෙස අපහාස කරනයුරු මාගේ අවතාරයට වුවද දරා ගත නොහැකි සෝකයකි.
සිහලුනේ...මාගේ දරුවනේ...දැන්වත් අවදි වවු....තොපගේ අනන්‍ය බව ‍රැක ගනිව්..පරගැති බව දුරු කරව්.....තමන්ගේ දෙය අගයව්.මනසින් උසස් නියම මිනිසුන් වෙව්.බුදුන්ගේ මග ගනිව්....නුබලා මහා රාවණ රජුගේ දරුවන් බව ලොවටම පෙන්වව්....ලොව දිනව්...
ජය සිරි රාවණ!

12 comments:

වැම්පයර් said...

බොහොම හොඳයි!

ජය

පිටස්තරයා said...

//සිහලුනේ...මාගේ දරුවනේ...//

ඇහ්? මේ මොන රාවණ ගැනද කියන්නෙ?

චමිදේවා said...

ම්ම්ම්...
වෙනස්ම කෝණයකින්....
නියමයි...

wath said...

ඇත්තටම කතාව මේ වගේම වෙන්න ඇති කියල මටත් හිතෙනව....

Ansh Lucky Sri Jay said...

නියමයි...

Hasitha said...

හෙළයන්ගේ අබිමානය ලොවට ගෙනගිය රාවණා රජු පිලිබඳව පැතිර ඇති දුර්මත බිඳ ලමින් සත්‍ය මතුවෙමින් පැවතීම සතුටට කරුණක් :)

ඉන්දරේ | Indranama said...

හොඳ අදහසක්! ලස්සනට ලියලා තියෙනවා.

හැබැයි පොඩි පරහක් වෙලා. පිටස්තරයා පෙන්වලා දීලා තියෙන්නේ ඒක තමයි. මොකද “සිංහල“ කියලා මිනිස්සු කොට්ඨාසයක් රාවණගේ කාලයේ හිටියෙ නෑ නෙව. ඔබත් මමත් දන්නා පරිදි සිංහලයන් ඇතිවන්නේ විජය ගේ ආගමනයත් සමග.

Kanishka | කණියා said...

මට මතකයි ඉස්කෝලෙ යන කාලෙ රාවණ රජු ගැන සිංහල‍ පොතක් කියෙව්වා. ඒකෙ තිබ්බෙත් මීට සමාන කතාවක්.. නම මතක නෑනෙ.

SOLO said...

නියමයි.:D
එකම පොස්ට් එක දෙපාරක් ගිහිල්ල වගේ. දන්නෙ නැතුව මම කලින් එකේ කමෙන්ට් කලා.ඒක මකල දාන්න.

ඉලංදාරියා said...

මෙවගේ ලිපි තව ලියන්න..........

milan said...

thanx for ur interest and support.ur comments make this blog better.

ආගන්තුකයා said...

සිරා.. අවසරයි අදහසක් කියන්න. සීතා නැවත ඉන්දියාවට ගියාට පස්සේ යාගයක් සිද්ධ වෙනවා මට මතක හැටියට ඒකෙ නම අග්නි පූජාව. ඒකෙන් සීතා පාස්වෙනවා කියන්නේ එක්කො ලිංගිකව රාවණා සීතාට අඩම්තේට්ටම් නොකරපු බවත්. නැත්නම් මන්තරකාරයා හොරෙක් කියලානේ. රාවණගේ සීතා ප්‍රේමය ගැන තව සාධක රාවණගේ සහෝදරියක් (මට හරියට නම මතකයක් නෑ)සීතාට කරදර කරන්නට ආවාම ඇගේ නාස කන් කැපු බවක් වාල්මිකී කියලා තියෙනවා. සිංහල කතාව නම් හරි තමා සිංහල කියන එක ඉන්දියාවෙන් එන්නෙ විජයත් එක්ක නිසා චුට්ටක් පුළුවන් නම් නිවැරදි කරලා දාන්න. සිරා ‍පෝස්ට් එකක්..

Post a Comment

 
believer - by Templates para novo blogger