එම්බල මම වෙමි රාවණ... ගැටලු නිරාකරණය.

Sunday, June 6, 2010



රාවණ අවතාරයේ කතාව කියවූ,තම අදහස් පල කළ සියළු දෙනාට මගේ ප්‍රණාමය.
පිටස්තරයා සහ ඉන්දරේ පෙන්වා දුන් කරුණ ඉතා වැදගත් යයි මටද දැන් සිතේ.
'සිහලුනේ ...මාගේ දරුවනේ....'
ඔබට ඇති වූ ගැටලුව නම් රාවණාගේ යුගයේ නොවූ සිහලුන් ගැන තම දරුවන් ලෙස රාවණ අවතාරය විසින් හදුන්වා තිබීම බව සිතමි.ඔබ එම කතාව සම්පූර්ණයෙන් කියවූවා නම් පහත කොටස වෙත ඔබේ අවධානය නැවත යොමු කරනු කැමැත්තෙමි.


මාගෙන් පැවත එන මාගේ දරුවන් හින්දු දේසයෙන් පැමිනි විජයගෙන් පැවත එන බව කියනු අසමින් බලා සිටියෙමි.උතුම් වූ බුදු දහම පවතින රටේ බුදුන්ගේ අනුසාසනා නොසලකමින් කියන්නා කෙසේ කීවත් බුද්ධියෙන් නොවිමසා එයම පිලිගෙනීමට තරම් බුද්ධි හීන වූ මාගේ දරුවන් දෙස සෝකයෙන් බලා සිටියෙමි.




එහි මා වක්‍රෝත්තියෙන් පැවසූයේ අද සිංහල ලෙස හදුන්වන ජන කොටස සැබැ ලෙසම පැවත එනුයේ විජයගෙන් නොව රාවණාගෙන් බවය.එලෙස වූ කල වත්මනේ සිංහල ලෙස හදුන්වන ජන කොටසට තම දරුවන් ලෙස ඇමතීමට අයිතියක් තිබේ යයි මාගෙ විස්වාසයි.මා දක්වා ඇත්තේ සිහලුන් යයි අද හදුන්වන අප සැබවින් පැවත එන්නේ විජයගෙන් නොව රාවණගෙන් බවයි.විජය යක්ස ගෝත්‍රිකයින් සියල්ල සමූල ඝාතනය කළ බව පිළිගත නොහැක.මහා සය කියන ලෙසට එය සිදු කර ඇත්තේ උත්සව අවස්තාවකදී එසේ කල බවයි.නමුත් මුලු රට පුරා විසිරී සිටින සියලු දෙනා  උතිසව අවස්තාවකට සහබාගී වීම සහ සියලු දෙනා ඝාතනය කිරීම එතරම් පිලිගැනීමට නොහැක්කක් ලෙස මම දකිමි.


මහා වංසය සදහන් කරන සියල්ල  එලෙසම සත්‍යයයි විස්වාස කරන්නේ නම් විචාරසීලී බුද්ධියක් තිබීම අනවස්‍ය බව මගේ හැගීමයි.එබැවින් මේ සත්‍යයි අපට පෙන්වන දේ පමණක් නොදකින ඔබ අප වැන්නවුන්ගේ කිසි වැදගත්කමක් නැතිව යනු ඇත.
මාගේ පැහැදිලි කිරීමේ වරදක් හෝ අඩුපාඩුවක් දකීනම් ඔබගේ අදහස් ඉතා වැදගත් කොට සලකමි.
නැවතත් ඔබට මාගේ ස්තුතිය.

13 comments:

Hasitha Gunasinghe said...

ඔබතුමා ආචාර්ය සූරිය ගුණසේකරයන් රචිත ලංකා ඉතිහාසයේ හෙළ යුගය පොත කියවලා තියෙනවාද ? රාවණා ගැන, හෙළ යුගය ගැන අගනා කරුනු රැසක් තියෙන පොතක් තමා ඒක

Unknown said...

බොහොම වෙනස් ඇසකින් ලියැවුණු ලිපියක්.. ඔබේ විචාරශීලී බුද්ධිය අගය කරමි!

ආගන්තුකයා | Stranger said...

මෙහෙමයි. ඇත්තටම ඒ කාලේ ලංකාව ගෝත්‍ර 3කට බෙදිලා තිබුනේ යක්ස නාග හා දේව.. මේක මම හිතන හැටියට මාර ලස්සන වැඩක්. නාගයින් කියන්නේ නාවිකයින්. යක්සයින් කියන්නේ ‍කෘෂිකාර්මික ජනතාවක්. එතකොට මම හිතන විදිහට දේව කියලා කියන්නේ දාර්ශනික චරිතයන්.. ඒක හරියට පුරාණ ග්‍රිසියේ වගේ නාගයින්ගෙන් හා යක්සයින්ගෙන් තමා මම හිතන විදිහට දේවයින් යැපෙන්නට ඇත්තේ ඕක තමා ‍මූලිකව ලංකාවේ විජය එන්නට කලින් තිබුන සිස්ටම් එක. විජය ආවාට වඩා මම කියන්නේ මිහිඳු රහතුන් ලංකාවට එනවත් එක්ක තමා ඒ සිස්ටම් එක වෙනස් වෙන්නෙ. එතනින් බුදුදහම කියන එකත් මර්දනකාරී විදිහට ලංකාව තුල ඉම්ප්ලිමන්ට් වෙනවා. ස්තූතිය සංවාදයක් ඇති කිරීම ගැන. ප්‍රතිවිරෝධතා ආවොත් මම මතය වෙනුවෙන් පෙනී සිටීමට නැවත එකතු වෙන්නම්.

Naveen Madhawa said...

අරිසෙන් අහුබුදුගෙ සක්විති රාවණ කියවන්න..

Hasitha Gunasinghe said...

@ආගන්තුකයා

මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වඩින්නත් කලින් පණ්ඩුකාභය රජතුමගේ කාලේ යක්ෂ ගෝත්‍රිකයන් හා සිංහ ගෝත්‍රිකයන් [විජයගෙන් පැවත එන්නන්, එත් නැත්නම් ආර්යයන්] අතර සංහිදියාවක් ඇති වෙනවා නේද ? ඊට පස්සේ ස්වදේශිකයන් එක්ක ආර්යයන්ගේ තිබුණු ගැටීම් නැතිවෙන්න ඒක හේතුවෙනවා....

milan said...

ඔබගේ අදහස් මෙම මතය ලොවට ගෙනයාමටත්,සත්‍ය එලිකිරීමටත් මහත් පිටිවහලක් බව ගවුරවයෙන් සිහිපත් කරමි.
ස්තුතිය!

Lakshan said...

@ Hasitha
/විජයගෙන් පැවත එන්නන්, එත් නැත්නම් ආර්යයන්/
ඔය ආර්යය කියන සංකල්පය මම දන්න විදියට දැන් පිලිගැනෙන්නෙ නෑ. ආර්යයන්ගෙන් පැවත එනවා කිය්න එක ඉන්දියාවේනම් දැනටමත් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. නමුත් අපේ දැනුම update වෙන්නෙ නෑනෙ. මේ පිලිබඳ තව විස්තර හරියටම හොයා ගත්තොත් මම ආයෙ එකතු වෙන්නම්.

-ඔබගේ දැනගැනීම පිණිස-

Hasitha Gunasinghe said...

"ආර්යයන්ගෙන් පැවත එනවා කිය්න එක ඉන්දියාවේනම් දැනටමත් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.

මොන වගේ කාරණයක් නිසාද එහෙම එකක් වෙලා තියෙන්නේ ???

පිටස්තරයා-2 said...

@Hasitha said

මේ ප්‍රශ්නය දැක්කාම උත්තර දෙන්න හිතුනා මම මේ ගැන ටිකක් අධ්‍යයනය කරල තියෙන නිසා.

අපි ආර්යයන්ගෙන් පැවත එනවා කියලා අපිට කියා දුන්නේ ඉන්ග්‍රීසින්. ඉන්ග්‍රීසින් එන්න කලින් අපි කවුරුවත් අපි ආර්යයන්ගෙන් පැවත එනවා කියල දැන හිටියේ නෑ. ඒ අය ඇවිල්ලයි අපිට කියා දුන්නෙ උඹලා 'ආර්ය' කියල.

මේ අදහසට පදනම වුණේ වේදයේ පෙන්වන භාෂාවත් ලතින් ග්‍රීක් භාෂාත් අතර තිබුණු කිට්‍ටු සම්බන්ධය (සිංහල සංස්කෘත මූලභාෂාවෙන් ඇතිවුණු භාෂාවක් ය කියන අදහසත් එක්කයි සිංහල අපි ආර්යයෝ වෙන්නෙ). ඒ වගේම සංස්කෘත සහ අනෙකුත් ය්රෝපීය භාෂා සමහරක මූලික වචනවල පෙන්වන ලඟ සම්බන්ධය මේ අය සැලකිල්ලට ගත්තා. උදා: මාතෘ> මදර්, පිතෘ> ෆාදර්, භාතෘ> බ්‍රදර් ආදී වශයෙන් .

ඒ අය කියාහිටි දේ තමයි රුසියානු තණබිම් ප්‍රදේශවල වාසය කළ වඩා උස් ශරීර ඇති 'ආර්ය' කියන ජනවර්ගයක් විවිධ අත පැතිර ගියා මීට අවුරුදු දහස් ගාණකට පෙර. ඉන් එක කණ්ඩායමක් යුරෝපය දෙසට ගිය නිසා යුරෝපා ජාතීන් ඇති වුණා. මොවුන්ගෙන්ම පිරිසක් ක්‍රි පූ 1500-1000 අතර ඉන්දියාවට අ නිසා ඉන්දීය අර්ය භාෂා කතාකරන ජන පිරිස් ඇති වුණා කියල.

ඉන්ග්‍රීසින්ම හෝ ඉන්ග්‍රීසින් නිශ්පාදනය කළ මේ දැනුම පිළිගත් අපේ උගත්තු මෙසේ ඉන්දීය උපමහද්වීපයේ පැතිරගිය ආර්යයන්ගෙන් කොටසක් ලංකාවට ක්‍රි පූ 600 දි විතර පැමිණීමෙන් සිංහල ජාතිය ඇරඹුණා කියල පිළිගත්තා.

ඉන්ග්‍රීසින් මේ ඉදිරිපත් කළ අදහස ඉන්දීය ඉතිහාසඥයන් අද හඳුන්වන්නේ 'Racial Theory' කියල.

මේ ආර්ය සංකල්පයේ ප්‍රදාන අඩුපාඩුව තමයි ආර්ය භාෂා හඳුන්වා දුන්නේ විශේෂ ශරීර ලක්ෂන සහිත 'ආර්ය' කියා හැඳින්විය හැකි එක් 'මානව' වර්ගයක් විසින් කියා කීම. (මේ ගැන විස්තරයක් 'බ්‍රිතාන්‍යයන් අපව භේද කිරීමේ කතාව' ලිපියෙත් මම කතා කළා. see: http://pitastharayablog.blogspot.com)

1. මේ මගින් ඉන්ග්‍රීසින් කියාහිටි දේ තමයි ඉන්දියාවේ ඉන්න උස් ශරීර ඇති පැහැපත් සමක් ඇති උසස් කුලවතුන් හා ඉන්ග්‍රීසින් අතීතයේ නෑදෑයන් බව.
2. ඉන්දියාවට ආක්‍රමණ අලුත් දෙයක් නොවන බව සහ ඉන්දියානුවන් අතීතයේදීත් පිටින් පැමිනි අක්‍රමණිකයන්ට යටත්ව ජීවත් වී ඇතිබව.
3. අතීතයේත් ඉන්දියාවට හා ලංකාවට සිශ්ටාචාරය ලබා දී ඇත්තේ පිටතින් පැමිණි ඉන්ග්‍රීසීන් වන තමන්ට ද අතීත ඥාතීත්වයක් ඇති 'ආර්යයන්' බව.
4.ක්‍රි පූ යුගයේ දී ලබා දුන් ශිස්ටාචාරය ස්වදේශීය ම්ලේච්ඡයන් සමග මිශ්‍රවීමෙන් පිරිහී ඇති බැවින් නැවත වතාවක් ඉන්දීයයන් (සිංහලයන්ද ඇතුළුවව) ශිස්ටකිරීමට ඉන්ග්‍රීසීන්ට ඇති අය්තිය වැනි දේ.

මේ සම්බන්ධ ඉදිරි පත් වී ඇති විවේචන:
මෙකී භාශා එක් මූල භාෂාවකින් හට ගන්නට ඇතැයි යන්න පිළිගැනේ. නමුත් ඒ හා සම්බන්ධ විශේෂ 'ආර්ය' කියා හැඳිවිය හැකි මානව වර්ගයක් ගැන අදහස අද පිළිගන්නේ නෑ. භාෂාවක් අවු: 1000 පමණ යනවිට විවිධ මානව වර්ග අතර පැතිරිය හැකියි. ඒ නිසා ඉන්දියාවට ක්‍රි පූ. 1500- 1000 අතර පැමිණි ජන කණ්ඩායම් 'අර්ය' කියා නම් කළ හැකි භාශාවක් කතාකළාට මානව වර්ග ලෙස විවිධ විය හැකිය යනු අද පිළිගන්නා අදහසයි. ඒ වගේම ඉන්ග්‍රීසින් හා ජර්මානුවන් කතාකරන භාෂා ආර්ය භාෂා මූලයකට සම්බන්ධ නමුත් මානව වර්ගයක් ලෙස ඔවුන් එකිනෙකාට හෝ ඉන්දියානු උසස් කුලවලට අයත් ජනයාට සමාන ලෙස සලකන්නේ නෑ.

සිංහල ජනයා සම්බන්ධ තත්ත්වයත් ඕකමයි. 'සිංහලය' භාෂාවක්ලෙස 'ආර්ය' මූලයකට සමාන වන නමුත් එය කතා කරන ජන වර්ගය උතුරු ඉන්දියාවට සම්බන්ධයි කියා කීම අද පිළිගතයුතු නෑ. ක්‍රි පූ 1500 ත් ක්‍රි පූ 600 අතර අවුරුදු 1000 ක විතර පරතරයක් තියෙනවා. ඒ 1000 ඇත්ලත ඉන්දියාවේ විවිධ මානව කණ්ඩායම් අතර මේ භාශාව පැතිරෙන්න ඇති. ඔවුන් අතුරින් මොන ප්‍රදේශවලින් ආ අය අතින් ලංකාවට සිංහල භාශාවේ මූලය ලැබුණා ද අපි දන්නේ නෑ.

ඇත්තටම අපේ පෙනුම වඩා ලඟ දකුණු ඉන්දීය ජනවර්ග වලට. කේරල, තමිල්නාඩු, ඔරිස්සා වැනි ප්‍රදේශවල ජනයාට. අපි උතුරු ඉන්දීය මිනිස්සුට් වඩා පෙනුමෙන් හරිම වෙනස්.

කෙටියෙන් කියනවා නම් 'ආර්ය' යනු භාෂා මූලයක් පමණයි. ඉන් මානව වර්ගයක් හැඳිවෙන්නේ නෑ.

පෘථිවි ගෝලයේ ප්ලයිස්ටෝසීන හා හොලෝසීන සමයන් අතර මුහුදුමට්ටම ගොඩාක් පහල ගිය බව මම කියවා තියෙනවා. ඒ වගේ තත්ත්වෙකදී මන්නාරමෙන් ඇරඹෙන වැලිපරය මතුවෙනවා කියන එකයි මගේ අදහස. සිංහල දෙමළ කියා භාශා නිර්මාණය වෙලා නොතිබුණු ඒ කාලේ අපේ ආදි මුතුන්මිත්තෝ මේ ගොඩබිම් තීරුව දිගේ ඕනෑ තරම් එහා මෙහා යන්න ඇති. මල්ලිලා මේ ගැනත් අධ්‍යයනය කරල ලියන්න. සුබපතනවා. :)

පිටස්තරයා-2 said...

//එහි මා වක්‍රෝත්තියෙන් පැවසූයේ අද සිංහල ලෙස හදුන්වන ජන කොටස සැබැ ලෙසම පැවත එනුයේ විජයගෙන් නොව රාවණාගෙන් බවය.//

ඇයි මල්ලි අපි එක මිනිහෙක්ගෙන් පැවත එනව කියල හිතන්නෙ???

milan said...

සිංහලයින් පැවත එනුයේ රාවණාගෙන් බව ලියවී ඇත්තේ ප්‍රමාද දෝසයකිනි.එය මීට කලින් සෝලෝ විසින්ද පෙන්වා දුන් පරිදි නිවැරදි කරනු ලැබිනි.එනම් සිංහලයින් පැවත එනුයේ රාවණ යුගයටත් පෙර සිට ලෙස නිවැරදි විය යුතුයි.
ස්තුතියි!

රවා said...

මමත් දැඩි ලෙස විස්වාස කරණ දෙයක් නම් සිංහල ජාතිය පැවත එන්නෙ විජයගෙන් නොවන බවයි. එය ප්‍රග්ඓතිහාසික යුගයත් ඉක්මවා යන්නක් බවයි මගෙ හැගීම. එ වගෙම මම කැමති පිටස්තරයා එයාගෙ පිළිතුරෙ අන්තිමට කරලා තියන සටහන ගැන කියන්න. එ වැනි යුගයක මිනිසුන් ලොකයෙ තමන්ට යාහැකි සියලුම ගොඩබිම් වෙතට සංක්‍රමණය උනු බව පිළිගන්න පුලුවන් නමුත් එවැනි කරුණකින් ඇමරිකානු මාහාද්වීපයෙ ජිවත් වු ගොත්‍රිකයින්ගෙ පැවත්ම ගැන විස්තර කිරිමට පුළුවන්ද...?

පිටස්තරයා-2 said...

@රවා

රවා, ඔයාගේ ප්‍රශ්නය මට ටිකක් පැහැදිලි මදි. තව ටිකක් විස්තර කරනව ද?

Post a Comment

 
believer - by Templates para novo blogger