Thursday, June 3, 2010
නිර්මාණයක් යනු පව්ද්ගලික අත්දෙකීමක් පොදු අත්දෙකීමක් බවට පත්කිරීමේ මාර්ගයකි.එය ගීතයක් හෝ නව කතාවක් හෝ වෙනත් නිර්මාණයක් විය හෙකිය.
පුද්ගලයින් යනු විවිධ මති මතිමතාන්තර,අදහස් උදහස්,ආසාවන්,ආදී සියලුම දේ වලින් වෙනස්කම් ඇති කොටසකි.යමෙකු ආසා කරන දෙයට තවෙකෙක් ආසා නොකරයි.අයෙකුට ලස්සන දෙය තවෙකෙකුට ලස්සන නොවේ.
මෙලෙස පුද්ගලයගේ රස විදීමේ හෙකියාව සහ පරාසය එකිනෙකාට වෙනස් වේ.එය එම පුද්ගලයාගේ දෙනුම,අත්දෙකීම්,ආසාවන්,නිර්මාණසීලී චින්තනය ආදී බොහෝ දේවල් මත තීරණය වන්නකි.
ගීතයක් රස විදීමේදී එහි පද මාලාව,තනුව,සංගීතය,ගායකයාගේ හංඩ ආදී බොහෝ දේවල් බලපවත්වයි.මේ සියල්ල සංකලනය වී උපදින නිර්මාණය පාඨකයා රස විදින්නේ එය තමන්ගේ ආසාවන්,සංකල්පනා,අත්දෙකීම් ආදිය සමග සම්බන්ද කර ගනිමිනි.මක්නිසාද යත් කලින් කී නිර්මාණකරුගේ පව්ද්ගලික අත්දෙකීම පාඨකයින්ගේද පොදු අත්දෙකීමක් වන්නේ එවිට නිසාය.එවිට සියල්ලෝම එම නිර්මාණය තම තමන්ගේම අත්දෙකීමක් ලෙස විදිති.නිර්මණයේ පරමාර්ථයන් ඉෂ්ට වන්නේ,නො එසේනම් සාර්ථක නිර්මාණයක් වන්නේ එවිටය.
නමුත් වර්තමානයේ ගීතයක මුල් තෙනක් ලෙබෙන්නේ එහි අන්තර්ගතයට වඩා විෂුවල් එකටය.වත්මන් බොහෝ ගීත නිර්මාණය කර ඇත්තේ විෂුවල් පෙන්නීමට පමණක් මෙන්ය.
කෙසේ වෙතත් ගීතයකට විෂුවල් යෙදීමෙන් කෙරෙනුයේ ඉහත කී පාඨකයාගේ රස විංදන පරාසය පටු කිරීම මගින් පාඨකයාව බලෙන්ම වෙනත් අන්තයකට කොටු කරයි.එය විෂූවල් නිර්මාණකරුගේ සංකල්පනාවන් අනික් සියලු දෙනා මත බලෙන් පෙටවීමකි.එයට කෙමති අයද සිටින නමුත්,එය පුලුල් රස විංදනයකට අනිවාර්යෙන් බාදා කරන්නකි.
නව කතා ආදිය සම්බන්දෙන්ද තත්වය මෙසේමය.යම් නව කතාවක් ටෙලි නාට්‍යකට හෝ චිත්‍රපටයකට නෙගූ විට ඉහත කී ගීතයේ රස විංදනයට සිදු වූ දෙයම එයටද සිදු වේ.
නමුත් මේ අතර ගීයක තිබූ රසය වර්ධනය කිරීමේ සමත් විෂුවල්ද පවතී.එමෙන්ම නව කතාවක් කියවීමෙන් ලද රසයට වඩා රසයක් ලබා දෙන එහිම ටෙලිනාට්‍ය හෝ චිත්රපටයන්ද ඇත.නමුත් ඒවා ඉත කලාතුරකින් දක්නට ලෙබෙන තත්වයන් වේ.
මාගේ අදහස නම් ප්‍රවීන නිර්මාණකරුවන්ගෙන් මිස පදුරකට ගෙසුවත් විසි වෙන රූප රචකයින්ගෙන් රුප රචනා සිදු නොකල යුතු බවයි.එසේ නොමෙතිනම් ගීතයක් එසේම රස විදින්න ඉඩ තබා එහි රස නොනසා රස විදීමට පාඨකයාට ඉඩ ඉතිරි කිරීම ඉවක් බවක් නොමෙතිව ගීතවලට විෂුවල් කරන උදවිය සිහියට ගනිත්වා.ගීතයක් සුලු කොටසකට පමණක් විදීමටත් බහුතරයකට විදවීමටත් සිදුකරණ විෂුවල්කරණය මගින් ගීතය බේරා ගෙනීමට සියලු නිර්මාණකරුවන්ට සක්තිය ධහිරිය ලෙබේවා.....
5 comments:
දිගටම ලියන්න. හෙමිහිට කියවන්නම්. සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා
මිනිසාගේ ඇස ප්‍රභල වීම මීට හේතුව ලෙස මා දකිනවා. ඇසට පෙනෙන දෙය මිනිසා උපරිමයට අඳුනනවා. මේ නිසා ඔවුන්ට එය හරියටම අවශ්‍යයි.
thanx SUU and SOLO.
"නමුත් වර්තමානයේ ගීතයක මුල් තැනක් ලෙබෙන්නේ එහි අන්තර්ගතයට වඩා විෂුවල් එකටය.වත්මන් බොහෝ ගීත නිර්මාණය කර ඇත්තේ විෂුවල් පෙන්නීමට පමණක් මෙන්ය.
කෙසේ වෙතත් ගීතයකට විෂුවල් යෙදීමෙන් කෙරෙනුයේ ඉහත කී පාඨකයාගේ රස විංදන පරාසය පටු කිරීම මගින් පාඨකයාව බලෙන්ම වෙනත් අන්තයකට කොටු කරයි.එය විෂූවල් නිර්මාණකරුගේ සංකල්පනාවන් අනික් සියලු දෙනා මත බලෙන් පෙටවීමකි.එයට කෙමති අයද සිටින නමුත්,එය පුලුල් රස විංදනයකට අනිවාර්යෙන් බාදා කරන්නකි."
ඔබ මෙහි සඳහන් කර ඇති බොහෝ කරුණු වලට මම එකඟයි. ඒත්, පොඩි ඌණ පූර්ණයක් කරන්න හිතුනා. අතීතයේදී (ඒ කියන්නේ රූපවාහිනී මාධයය එහෙම එන්න කළින්), මිනිස්සු ගුවන් විදුලියෙන් තමයි සංගීතය (බොහෝවිට ගීත) රස වින්දේ. එය ඒකාංගිකමය මාධයයක් නිසා, මිනිස්සුන්ට තම තමන්ගේ හැටියට, මනෝ ලෝක හදාගෙන රස විඳින්න වුනා/රස වින්දා. ඒත්, රූපවාහිනිය වගේ බහු මාධය මේ ක්‍රමය ගොඩක් වෙනස් කළා. රූපමය හැඟවීමකුත් තියෙන නිසා, මිනිස්සුන්ට ඉස්සර වගේ ගොඩක් දේවල් හිතන්න ඕනේ නැති වුනා. මේ අතර, ගීතයක් වගේ ඒකාංගිකව රස වින්ද නිර්මාණයක්, බහු මාධයයෙන් ඉදිරියට ගෙන ඒම අවශය වූ නිසා මේ කියන විෂුවල් සංස්කෘතිය ඇති වුනා. නමුත්, ඔබ කියන්නා වගේම අද බොහෝවිට අලුත් පරම්පරාවේ නිර්මාණකරුවන්, ගීතයක් උපතේ සිටම "විෂුවල්" එකක් "ටාගට්" කරගෙන කටයුත් කරන බව දැකිය හැකියි. මෙය විෂුවල් ආගමනයේ අයහපත් ප්‍රතිපලයක්.
ඉදිරියට වටිනා දේවල් ලියයි කියලා හිතෙනවා. උණුසුම් සුභ පැතුම් සහෝ. :)
වෙජි පුංචි එකාට ස්තුතියි ඌණ පූරණයට.ඔබේ අදහස මාගේ මතය සනාත කිරීමට බෙහෙවින් උපකාරී වේ.නිර්මාණවල රස භක්ෂණයට එරෙහිව පෙලගෙසෙමු.
ඔබට මාගේ ප්‍රණාමය.
Post a Comment